හර්තාල් දිනයේ සේවයට වාර්තා නොකළ නිලධාරීන්ගේ වාර්තාවක් කැඳවයි

දිවයින පුරා හර්තාලයක් ක්‍රියාත්මක වූ පසුගිය සිකුරාදා දිනයේ සේවයට වාර්තා නොකරන ලද නිලධාරීන් පිළිබඳව විස්තර ලබාගැනීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ලිපියක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත සියලු දිස්ත්‍රික් ලේකම්වරු වෙත යොමුකර ඇති බව සඳහන්ය.

අදාළ ලිපිය මගින් සඳහන් කර ඇත්තේ පසුගිය 06 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවයට වාර්තා කිරීම සම්බන්ධ තොරතුරු දිස්ත්‍රික් මට්ටමින් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති ආකෘතියට අනුව සම්පූර්ණ කර ලබා දෙන ලෙසය.

Exit mobile version