හරිත කෘෂිකර්ම කාර්ය සාධක බළකාය ස්ථාපිතයි

ශ්‍රී ලංකාව තුළ හරිත කෘෂිකර්මයක් ස්ථාපනය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා ඇති අතර එය විජිත් වැලිකල මහතාගේ සභාපතිත්වයෙන් යුතු සාමාජිකයින් 14ගෙන් සමන්විත බළකායකි.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇත.

මෙලෙස පත්කරගන්නා ලද කාර්ය සාධක බලකායේ වගකීම් වන්නේ, අවශ්‍ය කරන කාබනික පොහොර ,කෘමි නාශක,වල් නාශක අදිය දේශීය වශයෙන් නිෂ්දාපනය කිරීම, ඒවා නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීම සහ එම දේශීය නිෂ්පාදන ඔස්සේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි තත්ත්වයක් පවතින්නේ නම් උසස් ප්‍රමිතියෙන් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය යටතේ සීමිත වශයෙන් ආනයනය කර සැපයීම ආදියයි.

එමෙන් ම, කාබනික ආහාර නිෂ්පානය හා පරිභෝජනය තුළින් අත්වන සෞඛ්‍ය, සමාජ සහ ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව ජනතාව අතරට සන්නිවේදනය කිරීම සහ මෙම හරිත කෘෂීකර්ම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සේවයේ ද සක්‍රීය දායකත්වය ලබා ගැනීම මෙන් ම ක්ෂේත්‍ර මට්ටමින් කාබනික කෘෂීකර්ම ව්‍යාප්ත සේවා පුළුල් කිරීම ද මෙම කාර්ය සාධක බලකාය සඳහා පැවරී ඇති වගකීම් වේ.

Exit mobile version