ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද(20) ප්‍රශ්න කළ බව වාර්තා වේ.
එසේ නැතිනම් එය ආණ්ඩුවේ නිලමතයද ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළි කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි පෞද්ගලික මතයක් දැරීමට ඔහුට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කර තිබේ.