අද දින අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
එසේම, ඔවුන් දෙදෙනාට එරෙහිව විනය පියවර ගන්නා බවත් ඊට අදාළ ලිපි ඔවුන් දෙදෙනා වෙත යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වුවත් විපක්ෂ නායකවරයා මීට පෙර දැනුම් දුන්නේ ඔවුන්ගේ පක්ෂයේ පාවා දෙන පුද්ගලයන් නැති බවයි.