පසුගිය දින කිහිපයේ හෘද සැත්කමක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය දේශපාලන දිවියෙන් යම් තරමක් ඈත්ව සිටි අතර ඔහු සිය සැත්කමින් අනතුරුව නැවතත් වත්තල ආසනයෙන් අද සිට යළි දේශපාලන කටයුතු ඇරඹීමට නියමිතව ඇත.
මේ වන තෙක් බදුල්ල දිස්ත්‍රික්කය මූලික කරගනිමින් දේශපාලන කටයුතුවල නිරත වූ ඔහු අද සිට වත්තල ආසනයෙන් දේශපාලන කටයූතු ඇරඹීමට සූදානම්ව ඇත.
ඒ අනුව අද (01) සිට හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල ආසනයේ ප්‍රධාන කාර්යාලය විවෘත කර ඇත.
එම අවස්ථාව සඳහා වත්තල ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ද සහභාගී වී ඇත.