ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේදී කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල ස්ථාවරය ද එසේත් නැතිනම් ඔහුගේ පෞද්ගලික මතය ද යන්න රජය පාර්ලිමේන්තුවට දැනුම් දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවත් ගුවන් තොටුපළ තුනක් ඉන්දියාවට ලබාදෙන බවත් හරීන් ප්‍රනාන්දු මාහත ඉන්දියාවේදී ප්‍රකාශ කල අතර එම හේතුවෙන් ආණ්ඩුව තව තවත් අප්‍රසාදයට ලක් වෙමින් තිබේ .
“ඇමැතිවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ නිල ස්ථාවරයද, කැබිනට් මණ්ඩලයේ සාමූහික ස්ථාවරයද, එසේත් නැතිනම් ඇමැතිවරයාගේ පෞද්ගලික මතයද යන්න රජය විසින් හෙළිකළ යුතුයි. රටක් නියෝජනය කරමින් ඇමැතිවරයකුට එවැනි ප්‍රකාශයක් කළ හැකිද?” යනුවෙන් විමල් වීරවංශ මහතා ප්‍රශ්න කළේය.
එවැනි කිසිදු කරුණක් ඇමැති මණ්ඩලය විසින් සාකච්ඡා කර නොමැති බව පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අදාළ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරනු ඇති බව ප්රකාශකල අතර හරින්ගේ යහළු මනුෂ ප්‍රකාශ කලේ ඇමැතිවරයාගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය විසින් විකෘති කර ඇති බවත්, යමෙකු ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය ඇසුවේ නම් ඔහුගේ අදහස පැහැදිලි වනු ඇති බවයි.
කෙසේ නමුත් අමාත්‍යවරයෙකු රටක් නියෝජනය කරන විට වචන භාවිතා කලයුත්තේ ඉතාම පරිස්සමිනි. කොකේන්, අයිස් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නෙකු සේ අවසිහියෙන් වචන ප්‍රකාශ කිරීම යනු අවසානයේ ඇමතිකම පමණක් නොව මන්ත්‍රීකම ද අහිමිවන තත්වයට සියල්ල සිදුවන අතර, ලංකාවේ බොහෝ දේ වෙනස් වෙමින් පවතින්නේ දේශද්‍රෝහී කටයුතු, ප්‍රකාශ කල මිනිසුන්ට එරෙහිවය.