පවතින විදුලි අර්බුදය නිසා රාත්‍රී ආහාර වේල හවස හයට පෙර සකසා ගන්නා ලෙස විදුලි මණ්ඩලය දැනුම් දෙයි.
අද නෙත් FM ගුවන් විදුලියේ පුවත් සමග එක් වෙමින් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතා සදහන් කරන ලදී. “නෙත් පුවත් “ සමග එක් වෙමින් ඒ මහතා සදහන් කලේ තවත් දින 5 ක් වත් යන තෙක් මෙම වරින් වර විදුලිය බිද වැටීම් සිදු විය හැකි බවයි. එයින් ඇතිවන අපහසුතාවය වලක්වා ගැනීම සදහා හවස 0600 ට පෙර තම රාත්‍රී ආහාරය සකසා ගැනීම සුදුසු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
කෙසේ වුවද, ග්‍රාමීය ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් ආහාර සකසන්නේ දර වැනි සම්ප්‍රදායික ක්‍රම උපයෝගී කරගෙනයි. ඊට අමතරව නාගරික මැද පන්තික ජනතාවද මේ වන විට භාවිතා කරන්නේ භූමි තෙල් උදුනයි. සැලකිය යුතු ප්‍රමාණයක් ගෑස් ද භාවිතා කරයි. නාගරික සහ ග්‍රාමීය උසස් පාන්තික ජනතාව පමණක් විදුලි උදුන් භාවිතා කරති. ඒ අතර සමහර ග්‍රාමීය නිවෙස් වල ජනතාව සහල් උදුන් ( රයිස් කූකර් ) භාවිතා කරති.
එබැවින් විදුලිය කප්පාදුව ශ්‍රී ලාංකිකයන්ගෙන් 50% කට ත් වඩා සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමට බාදා ඇති නොකරති. නමුත් රැකියාවලට ගොස් නිවෙස් වලට පැමිණ ආහාර සකසා ගැනීමට සිදු වන උදවියට මේ හේතුවෙන් දැඩි දුෂ්කරතා වලට මූණ දීමට සිදු වේ.