මෙරට ක්රීඩකයින් දෙදෙනෙකුට ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කිරීමට වරම් හිමි වී ඇත.
එම ක්රීඩකයන් වන්නේ තුන් ඉරියව් ක්රීඩක වනිදු හසරංග සහ වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර වන අතර පසුගියදා ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ ඔවුන් සිය දක්ෂතා පෙන්වා තිබුණි.
මෙම කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අතරමග නවතා දැමූ 2021 ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් මාසයේ දී යලි ආරම්භ වීමට නියමිතය.