හාමුදුරුවරුන්ගේ වැඩ නිසා සිව්ර අරින්න හිතිලා තියෙන්නේ – අති ගරු ඕමල්පේ සෝභිත මහා නා හිමි

ශ්‍රී ලංකාවට මෙන්ම ලෝවැසි සියලු දන්නන්ගේ සමාජ ආර්ථික සහ දේශපාලන සංවර්ධනය මෙන්ම මානසික සුවය වෙනුවෙන් විශාල සාසනික මෙහෙවරක් සිදු කරන මෙන්ම සුවහසක් ලෝ වැසි ජනතාවගේ අති මහත් ගෞරවයට පාත්‍ර සංඝ පීතෘ වහන්සේ නමක් වන ආචාර්‍ය අති ගරු ඕමල්පේ සෝභිත මහා නා හිමි , අපේ ශාසනයේ විනාසයට මහානායක හාමුදුරුවෝ වගකිව යුතු බවද, සමහර හාමුදුරුවන් වහන්සේලා සිදු කරන වැරදි නිසා තිබෙන ලැජ්ජාව කෙතරම්ද යත් සිවුර හැර යාමට තරම් හිතුනත් කරන්න දෙයක් නොමැති කමට සිටින බවද සදහන් කරන ලදී.

ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර් ජාල නාලිකාවක සාකච්චාවක් පවත්වමින් උන් වහන්සේ ඊයේ මේ බව සදහන් කරන ලදී. එහිදී උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරන ලද්දේ, අධිකරණ සංඝනායක හාමුදුරුවෝ හිටියට විසඳපු නඩුවක් නැති බවද, හාමුදුරුවරු මොන වරදක් කරත් දඬුවමක් දෙන්න බලයක් නැති බවද, ජනාධිපතිගෙ බෞද්ධාගමික උපදේශ මණ්ඩලය පිළිගන්න බෑ වගේම ඒකෙ සංයුතිය තීරණය කරන්නේ ජනාධිපති කාර්යාලය මගින් බවද, ජනාධිපතිගෙ උපදේශ මණ්ඩලයෙන් බෞද්ධ ආගම වෙනුවෙන් කරපු දෙයක් නැති බවද සදහන් කරන ලදී.

එසේම උන් වහන්සේ පෙන්වා දෙන්නේ අද සමහර හාමුදුරුවරු ඇමතිවරුන්ගේ දාසයන් වෙලා තිබෙන බවත්අ පේ ජන බල පක්ෂය කඹ ඇදිල්ල බලන් ඉන්න ලැජ්ජා සහගත බවද, අද මේ හාමුදුරුවරු කරන වැඩනිසා හාමුදුරු කෙනෙක්ට තිබ්බ ගෞරවය නැත්තටම නැතිවෙලා තිබෙන බවද කණගාටුවෙන් සදහන් කරන බව වීඩියෝ දර්ශන වලින් මනාව දැක ගත හැකිය.

සුවහසක් ලෝක ජනතාවක් ආදරය සහ ගරු කරන පුණ්‍ය ආයතන 100 කට වඩා පවත්වාගෙන යමින් මානව සහ සත්ව සංහතියේ උන්නතිය වෙනුවෙන් විශාල කැප කිරීමක් කරන උන් වහන්සේ අනෙකුත් සියලු ලෝ වැස්සන්ට බුදු දහමේ උගන්වනු ලබන ආමිෂ සහ ප්‍රතිපත්ති පූජා දෙකෙහි වෙනස මනාව සමාජ ගත කර ඇත.

වීඩියෝ එක මෙතනින් නරඹන්න.

ශාසශාසනේ පිරිහීමට මහානායක හාමුදුරුවරු වගකිවයුතුයි.සිවුරු ඇරල යන්න බැරිකමටයි ඉන්නේ ඒ තරම් ලැජ්ජයි C N B – YouTube

Exit mobile version