හැටන් එළවළු ගිනි ගණන්

හැටන් නගරයේ එළවළු මිල තව දුරටත් ඉහල යාමත් සමග ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයටන්ට පත්ව ඇත.

මේ වන විට බෝංචි කිලෝව රුපියල් 500ත් 550ත්, මෑකරල් කිලෝව රුපියල් 480ත් 500ත්, අලු කෙසෙල් කිලෝව රුපියල් 440ත් 480ත්, වම්බටු කිලෝව රුපියල් 550ත් 600ත්, කැරට් කිලෝව රුපියල් 480ත් 500ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 750ත් 800ත්, බිට් කිලෝව රුපියල් 300ත් 340ත්, ලික්ස් කිලෝව රුපියල් 320ත් 350ත්, රාබු කිලෝව රුපියල් 200ත් 240ත්, පතෝල කිලෝව රුපියල් 400ත් 440ත්, වැටකොළු කිලෝව රුපියල් 450ත් 500ත්, එලබටු කිලෝව රුපියල් 440ත් 500ත්, ගෙඩි ගෝවා කිලෝව රුපියල් 240ත් 260ත්, කොළ ගෝවා කිලෝව රුපියල් 240ත් 280ත් මුරුංගා කිලෝව රුපියල් 550ත් 600ත් අමු මිරිස් කිලෝව රුපියල් 750ත් 800ත්, නයි මිරිස් කිලෝව රුපියල් 1600ත් 2000ත් අතර මිලකට අලෙවි වනු ඇත.

එළවළු මිල මෙසේ ඉහළ යාමත් සමග තමන්ට එළවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පැවතිීමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිීමකදි අදහස් දැක්වු නගරයේ එළවළු වෙළදුන් කිීප දෙනකුම පවසන ලද්දේ මේ වන විට එළවළු තොග මිල ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් එළවළු මිල මෙසේ ඉහළ යාමත් සමග එළවළු අලෙවියද අඩු විමෙන් පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

Exit mobile version