හැටන් එළවළු මිළ නව ඉතිහාස පිටුවක් පෙරළයි

හැටන් හා ආශ්‍රිත ප්‍රදේශයන් තුල ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු මිල ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයෙහ් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.


මේ වන විට මෙම ප්‍රදේශයන් තුල කැරට් ,බෝංචි, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 1000ත් 1200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 800ත් 1000ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, කරවිල ක්‍රිලෝව රුපියල් 900ත් 950ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, බංඩක්කා ක්‍රිලෝව 320ත් 350ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 240ත් 280ත්, ගෝවා ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, බිට් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත් පලා මිටියක් රුපියල් 70ත් 80ත් අතර මිලකට අලෙවි වන බවත්ය.


මේ පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් ප්‍රදේශයේ ඉතිහාසය තුල එළවළු මිල ගනන් මෙතරම් ඉහල ගොස් ඇත්තේ ප්‍රථම වතාවට බවත්ය.


එළවළු මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට ආහාර සදහා එළවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.


මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නගරයේ එළවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ තමන් එළවළු අලෙවියට පැමිනි කාලය තුලදි එළවළු මිල මෙතරම් ඉහල ගොස් ඇත්තේ මෙවර බවත්ය.
පවතින තත්වයන් මත ඉදිරි දිනවලදි මෙම මිල ගනන් තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් මත එළවළු අලෙවිය දැඩි ලෙස පහල බැසිමෙන් තමන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙළදුන් වැඩි දුරටත් පවසති.

Exit mobile version