හැටන් නගරයේ තැන තැන කසල හා පොලිතින් පිලිස්සිමත් සමග ප්රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ සේවය කරන සමහර කම්කරුවන් තැන තැන එකතුවන කසල හා පොලිතින් මාර්ග අයිනේ දමා පිලිස්සිම සිදු කරන බවත්ය.
මෙසේ තැන තැන කසල හා පොලිතින් පිලිස්සිමත් සමග එහි දුම් වහනය විමෙන් තම සෞඛයට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙසේ තැන තැන කසල පිලිස්සිම් සිදු කරන සේවකයන් පිලිබදව සොයා බලා ඉදිරියේදි කසල පිලිස්සිම් සිදු නොකරන ලෙසට අවවාද කරන බවත් එයට නිසි ප්රථිචාර නොදක්වන්නේ නම් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත්ය.