හැටන් පදික වැට, කාපට් වේලීමට ප්‍රමුඛස්ථානය ගනී

හැටන් නගරයේ පදිකයන්ගේ ආරක්ෂාව සදහා ඉදිකර ඇති පදික වැට නගරයේ සමහර වෙළදුන් ඔවුන්ගේ කාපට් වේලා ගැනිමට උපයෝගි කර ගැනිමත් සමග එම පදික වැට විනාශවිමේ අවදානකට ලක්ව ඇති බව නගර වැසියන් පිරිසක් චෝදනා කරති.


මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ නගරයේ පදික වැටට නගරයේ සමහර වෙළදුන් කාපට් වැනි විවිධදේ වෙලා ගැනිම සදහා දමන බවත් මෙම තත්වයන් මත එම පදික වැට විනාශවිමේ අවදානමකට පත්ව ඇති බවත්ය.


මහජන මුදල් වැය කරමින් නගරයේ පදිකයන්ගේ ආරක්ෂාව සදහා ඉදි කර ඇති මෙම පදික වැට විනාශ වීම මෙන්ම නගරය අවලක්ෂණ විමක්ද මෙයින් සිදුවන බවද එම පිරිස් පවසති.


හැටන් දික්ඔය නගර සභාවේ අදාල නිලධාරින් නිසි ලෙස තම රාජකාරින් සිදු නොකිරිම හේතුවෙන් නගරයේ සමහර වෙළදුන් මෙසේ තම වෙළද සැල්වල කාපට් වේලීමට මෙම පදික වැට යොදා ගන්නා බවත් මෙයින් විනාශ වනුයේ නගරයේ බදු ගෙවන්නන්ගේ මුදල් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

Exit mobile version