හැටන් පාන් වල, බර අඩු කර වැඩියෙන් පුම්බලා

හැටන් හා ආශ්‍රිත නගර කිපයක සමහර බේකරිවල අඩු බර පාන් විකිණීම තව දුරටත් සිදු කරන තත්වයන් මත මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.


මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ හැටන්, දික්ඔය, නොර්වුඩ්, බගවන්තලාව, වැනි ප්‍රදේශයන් තුළ සමහර බේකරිවල අඩු බර විකිණීම තව දුරටත් ජයටම සිදු කරන බවත්ය.
මෙකි සමහර බේකරිවල නිපදවනු ලබන සමහර පාන් ගෙඩියක බර ග්‍රැම් 325ත් 390ත් අතර වන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.


මෙම ප්‍රදේශයන් තුළ සිදුවන මෙවැනි ක්‍රියාවන් පිළිබඳව අදාල නිලධාරින් විසින් නිසි අවදානයක් යොමු නොකිරිම හේතුවෙන් එයින් උපරිම ප්‍රයෝජන ගන්නා සමහර කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් දැඩි ලෙස ගසා කැම්වලට ලක් කරන බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

Exit mobile version