පොලිස්පති තුමන් විසින් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුමේ අංග කිපයක් පවතින බවත් එහි මත් ද්‍රව්‍ය භාවිතයෙන් තොර පාසල් සිසුන් ප්‍රවාහන රියදුරන් හදුනා ගැනිම එක් අංගයක් බව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසයි.
හැටන් ප්‍රදේශයේ මත් භාවිතයෙන් තොර රියදුරන් සිටින පාසල් බස් රථ හදුනා ගැනිම සදහා එම බස් රථවල ස්ටිකර් ඇලවිමේ වැඩ සටහනක් 14වන දින හැටන් පොලිස් ක්‍රිඩා පිටියේ පැවති අවස්ථාවේදි නිපුන දෙහිගම මහතා මේ බව පවසන ලදි.
මෙහිදි වැඩි දුරටත් කරුණු දැක්වු හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා “පොලිස්පති තුමන් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම තුල පාසල් අවට මත් ද්‍රව්‍ය නිවාරණය පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් හා වැන් රථ රියදුරන් මත් භාවිතයෙන් වලක්වාලිම ක්‍රියාත්මක වනවා.
එහිදි මෙම ස්ථානයට පැමිණ සිටින ඔබලා ස්ව කැමැත්තෙන් මත් භාවිතා නොකරන පිරිසක් බවට වෛද්‍ය පරික්ෂණය භාජනයවි වෛද්‍ය වාර්තා ලබා ගෙන එය අප වෙත ලබා දිමට පියවර ගෙන තිබෙනවා එවන් ඔබලාගේ බස් රථ වැන් රථ හදුනා ගැනිම සදහායි මෙම ස්ටිකර් ඇලවිම සිදු කරන්නේ. මෙම ස්ටිකරය තුලින් ඔබලාගේ බස් රථවල වැන් රථවල ගමන් කරන පාසල් දරුවන්ගේ දෙමාපියන්ද දැනුවත් වෙනවා තම දරුවන් ගමන් කරන්නේ මත් භාවිතයෙන් තොර රියදුරන් ධාවනය කරනු ලබ රථයක බවත් ඒ තුලින් තම දරුවන් සුරක්ෂිත බවත්.'” ලෙස ඔහු ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට හැටන් සහාකාර පොලිස් අධිකාරි 1 එස්. ඩි. එම්. ෆාරුක් මහතා ඇතුළු පිරිසක් එක්වු අතර මෙම වැඩ සටහන හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සංවිධානය කර තිබුනි.