පසු ගිය සති අන්තය තුලදී ද ශ්‍රිපාද වන්දනාකරුවන් ඇතුළු සෙසු මගි ප්‍රවාහන කටයුතු වලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ එකසිය හතක (107) මුදලක් උපයා ගැනිමට හැකිව ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ පසු ගිය සිකුරාදා සෙනසුරාදා ඉරිදා (09, 10, 11,) යන තෙදින තුලදි ශ්‍රිපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් ඇතුළු සෙසු මගින් ප්‍රවාහනය කිරිම තුලින් මෙම ඩිපෝවට රුපියල් ලක්ෂ 107ක ආදායමක් ලබා ගැනිමට හැකිවු බවත්ය.
මෙම අදායමෙන් වැඩි මුදලක් ශ්‍රිපාදය වන්දනා කිරිමට ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් නල්ලතන්නිය අතර දිවා රාත්‍රි කාලයන්තුලදි ප්‍රවාහනය කිරිම තුලින් උපයා ගැනිමට හැකිවු බවද එම නිලධාරියා පැවසිය.
මෙම ඩිපෝවේ රියදුරු කොන්දොස්තර ඇතුළු සියළුම සේවක පිරිස දිවා රාත්‍රි නොතකා කරන ලද කැපවිම තුලින් මෙම ඩිපෝවට මෙතරම් ආදායමක් උපයා ගැනිමට හැකිවු බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය