හැටන් වල බඩු මිල අහසට නගී

දීපවාලි උත්සව සමය තුලදි බඩු මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව මෙම ප්‍රදේශයේ වතුකර ජනතාව පවසති.
මෙම තත්ත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුණු දක්වන එම පිරිස් පවසනුයේ දීපවාලි උත්සවය ලන්වත්ම හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල අල, බීළුනු, රතුළුනු, මුංඇට, සීනි , හකුරු, සක්කර, පොල් තෙල් වැනි ආහාර ද්‍රව්‍ය මිල ගණන් දැඩි ලෙස ඉහල යමින් පවතින බවත්ය.
මෙම තත්වයන් මත තමන්ට නිසි ලෙස දීපවාලී උත්සවය සැමරිම සදහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනිම දුෂ්කර තත්ත්වයන් පවතින බවද එම පිරිස් පවසති.
තමන්ට ලැබෙන සොච්චම් මුදලින් තම දරුවන්ට ඇදුම් ආදිය ලබා දිමෙන් පසු කෑමට අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනිමට නොහැකි තත්ත්වයක් පවතින බවත් එම තත්ත්වයන් මත තම දරුවන්ට ඇදුම්ද නැතිනම් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍යද යන්න දෙකින් එකක් තෝරා ගැනිමට සිදුව ඇති බවද එම පිරිස් තව දුරටත් පවසති.

Exit mobile version