හිංදු භක්තිකයන්ගේ නව වසරේ ප්‍රධානතම ආගමික උත්සවය වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයිපොංගල් උත්සවය උත්සවාකාරයෙන් සැමරිම සදහා හැටන් ආශ්රිත වතුකරයේ ජනතාව මේ වන විට සුදානම් වෙමින් සිටිති.
මෙම තෛයිපොංගල් දිනය මේ මස 15වන දිනට යෙදි ඇති අතර එම තෛයිපොංගල් දිනයේදි පුද පුජාවන් පැවැත්විම සදහා අවශ්‍ය පලතුරු ලබා ගැනිමට මෙන්ම පොංගල් බත සකස් කිරිම සදහා අළුත් මුට්ටි ලබා ගැනිමටද එම පිරිස් කටයුතු කරමින් සිටිති.
මෙවර පොංගල් බත සකස් කිරිම සදහා මැටි මුට්ටි වෙනුවට ඇළුමිනියම් මුට්ටි ලබා ගැනිම වැඩිවි ඇති බව නගරයේ වෙළදුන් කිප දෙනකුම පවසන ලදි.