ඊයේ (6) දින හික්කඩුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙම මරණය සිදුව ඇත්තේ බස් රථයක වෑන් රථයක් ගැටී වන අතර එම බස් රථය ශ්‍රී ලංකා යුද හමුදාවේ කරඳන කඳවුරට අයත් බව වාර්තාවේ.
වෑන් රථය පදවා ඇත්තේ 70 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් වන අතර ඔහු අනතුර හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව සදහන් වේ.
අනතුර සම්බන්දයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.