හිජාබයෙන් ඉන්දියාවම ඇවිලෙයි.

දකුණු ඉදියාව යනු , දිනෙන් දින එහි පාරිසරික  උෂ්ණත්වය මෙන්ම උණුසුම් පුවත් මවනා තෝතැන්නකි. අද මා මේ ලිපිය ලියන් නේද එවැවි උණුසුම් පුවතක් මූලාශ්‍ර කර ගනිමිනි.        

දකුණු ඉන්දියානු ජතාව අතර වර්ගවාදය, ජාතිවාදය පවතින බව අප හොද ආකාරව දන්නේ , තවමත් එල්.ටී.ටී.ඊ මූලධම වාදීන් එහි සිටින බවට ඔවුන්  වරින් වර සිදුකරන ක්‍රියා හේතුවෙනි. එහෙත් මා මේ ලිපිය තුළින් ඔබට ගෙන එනු ලබන් නේ එවැන්නක් නොව. දකුණු ඉන්දියාව තුළම සිදු වූ උණුසුම් පුවතක් වටාය.          

දකුණු ඉන්දියාවේ, කාර්නාටක ප්‍රාන්තයේ පිහිටි උඩුපු දිස්ත්‍රික්කයේ , උසස් පාසලක් තුළ හටගත් දැඩි අදෝලනාත්මක මුහුණුවරක් ගෙන දුන් ගැලළුවක් මේ වන විට පවතී. ඒ, එහි සිසුවියන් 6 දෙනෙකු සදහා මේ වන විට සිදු කර ඇති පන්ති තහනම සම්බන්ධයි.         ඊට මූලිකම හේතුව වන්නේ, ඔවුන්ගේ නිල ඇදුට අමතරව පළදින්න හිජාබය ඉවත් කරගන්නා ලෙසට එම උසස් පාසලෙන් කළ නියෝගයට මෙම සිසුන් 6 දෙනා එරෙහි වීමයි.         

මෙම එරෙහිවීමට හේතු සාදක ලෙස මෙම නව යොවුන් වියේ දරුවන් පවන්නේ , පන්ති කාමරය තුළ දී පිරිම ගුරුවරුන් පැමිණෙන බවත්, ඉස්ලාමීය ආගමික මූලධර්ම වලට අනුව පිරිමි පුද්ගලන් ඉදිරියේ ඔවුන් හිසකෙස් වැසෙන සේ කටයුතු කළ යුතු බවත් ය.         

එහෙත් මෙම පාසලේ විදුහල්පති ඊට හාත්පසින් වෙනස් වූ, මතවාදයක් දරණු ලබයි.

ඒ, පාසලට නිශ්චිත වූ නිල ඇදුමක් පවතින බවත් ඒ තුළින් සියලු සිසුන් එකහා සමානව සැලකිලි භාවයක් ලැබෙන බවත් ය. තව දුරටත් ඔහු අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, මුහුණ විවර කිරීම තුළින් ගුරුවරය සහ සිසුවා අතර අතිවන සන්නිවේදනය පහසුවෙන් පවත්වා ගැනීමට හැකිවන බවයි. මීට පාසලේ ඉස්ලාමීය සිසුවියන් 70 දෙනෙකුගෙන් 6 දෙනෙකු හෙරෙහිවීම පාසල තුළ ගැටුමක් නිර්මාණය වීමට ඉඩ කඩ පවතින බැවින් ඔවුන්ට එරෙහිව මෙවැනි පියවරක් ගත් බවටත් විදුහල්පති වරයා සදහන් කරයි.    

මේ ගැටළුව මෙතැනින් නොනැවතුණු අතර, මෙම කියාව සම්බන්ධයෙන් විවිධ පාර්ෂවයන්ට බලපෑම් ඇති කරන්නට විය. ඒ අතර, විශේෂයෙන්ම මෙම ප්‍රාදේශයේ දේශපාලන බලය අත්පත් කරගෙන සිටින අගමැති නරේන්ද්‍ර මෝදිගේ, භාරතීය ජනතා පක්ෂයට ඇතිව ඇත්තේ දැඩි බලපෑමකි.       

දේශපාලනය විචාරකයන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ මෙම හිජාබ් ගැටළුව නිසා අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බලය ද යම් තර්ජනයකට ලක්ව ඇති බවයි.          

කෙසේවෙතත් ඉන්දියානු  ඉස්ලාමීය ජනතාවගේ අදහස වී ඇත්තේ මෙම ක්‍රියාව පාසල තුළින් කළ බරපතළ වරදක් බවයි. එය ඉස්ලාමීය ආගමට කළ නිගාවක් බවත් ඔවුන්ගේ අදහසයි. මේ නිසා උඩුපු ප්‍රදේශයේ පාසලය විරුද්ධව උද්ඝෝෂණ පැවති අතර , එම පාසලේ දරුවන් ගේ දෙමව්පියන් ද ඊට සහභාගී විය.           

මේ පිළිබද දැනට පන්ති තහනමට ලක්ව සිටින සිසුවියන් 06 දෙනායෙන් එක් අයෙකු සදහන් කරණු ලබන්නේ මේ , හිජාබ් තහනමට එකගත්වය ලබා ලැනීම සදහා සිසුවියන් ගෙන් අත්සන්ද පාසල තුළ ලබාගත් බවයි.

මේ වන විට මෙහි නවතම තත්වය සදහන් කළ හොත්, කර්නාටක , චෙන්නායි වැනි ප්‍රදේශවල සිය ගණන් ජනයා උද්ඝෝෂණ පවත්වනු ලබන අතර , එයට හින්දු පාසල් සිසුන් ද හිජාබට එහෙහිව උද්ඝෝණ පැවැත්තුවේ, ජය ශ්‍රී රාම් ජනුවෙන් සටන් පාඨ කියමිනි. අවසානයේ මෙම තත්වය මැඩ පැවැත් වීම සදහා කර්නාටක ප්‍රාන්තයේ උසස් පාසල් හා කොලීජි දින කිහිපයකට වසා දැමීමට සිදුවූ අතර, අධිකරණය වෙත මේම ගැටළුව ගෙන යාමට සිදුව ඇති. කර්නාටක ප්‍රාන්තයේ මහාධිකරණය වෙත ඉදිපත් කෙරුණු පෙත්සම් සලකා බලා අවසානයේ මේ සදහා අධිකරණය තීන්දුව ලබා දීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.එම තීන්දුව මත මෙහි අවසනය කොයි ආකාරයෙන් විසදෙයිද කියා මේකෙරෙහි අවදානය යොමු කරමින් සිටින සියලු දෙනාට ඇත්තේ කුතුහලයකි. ඇතැම් විය ඔබ මෙය කිය වන විට මෙහි තීන්දුව ලබා දීම සිදු කර අවසන් වීමටද ඉඩ ඇත.

කෙසේ වෙතත්, ඉන්දියාව තුළ මෙතෙක් දැඩි ලෙස , තම ජන වර්ගයා වෙනුවෙන් සටන් නොකළ ඉස්ලාමීය ජනතාව , මේ වන විට තම ජන වර්ගයා වෙනුවෙන් මේ වන විට සටන් වදිමින් සිටී. එය ඉතා බරපතල කාරණයක් බවත්, ඒ කෙරෙහි දැඩි අවදානයක් යොමු කළ යුතුයි. නැති නම් මෙම ක්‍රියාදාමය නිසා , දකුණු අප්‍රිකාව, zimbabwe, උගන්ඩා, පාකිස්තානය වැනි රට වලට මෙන් ඉන්දියාවටද රට තුළ දේශපාලනික, සමාජීය සහ ආර්ථික ගැටලු වලට මුහුණ පෑමට සිදුවන අතරම , ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්න කිරීම් වලට මුහුණ දීමේදී පවා අසරණ භාවයට පත්වීමට සිදු විය හැක.

මාධ්‍යවේදී , සමාජ ක්‍රියාකාරී,

නුවන් සිරිවර්ධන.        

Exit mobile version