හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27) රාත්‍රීයේ මියගිය බවට පවුලේ ඥාතීන් පවසා තිබේ.
1925 වර්ෂයේ අප්‍රේල් මස 11 වැනි දින උපත ලැබූ රොනී ද මැල් මියයන විට 99 වැනි වියෙහි පසුවිය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අයවැය එකොළහක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා රොනී ද මැල් වේ.