හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සම්බන්ධ විමර්ශනවලට ඉන්දියාවට මෙරටින් සහය

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිළිබඳ සිදුකරන පාකිස්ථානයේ සිට අවි ආයුධ සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ විමර්ශන සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට මෙරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

 ඒ අනුව එම විමර්ශන කටයුතු සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ශ්‍රී ලංකා රජයේ සහය ලබා ගැනීමට තීරණයක් ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ශ්‍රි ලංකා රජයෙන් අන්‍යෝන්‍ය නීති ආධාර ගිවිසුම යටතේ ආදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් කර ඇති අතර මෙරට ආරක්ෂක අමාත්‍යංශය ඔස්සේ ඊට සහයෝගය ලබා දීමට නියමිත අතර ශ්‍රී ලංකා බුද්ධි අංශ සහය ද  ඊට හිමිව ඇත.

ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් පසුගිය මාර්තු මස අත්අඩංගුවට ගෙන තිබුණේ පාකිස්ථානයේ සිට මෙරටට ජාවාරම් කළ අවි ආයුධ සහ හෙරොයින් සහිත ධීවර යාත්‍රාවක් සමගයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන වලදී එල්.ටී.ටී.ඊ.බුද්ධි අංශ සාමාජිකයෙකු සහ තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Exit mobile version