හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වෙනිදා සිට 30 වෙනිදා දක්වා ලිහිල් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන බවට වාර්තා වේ.
ඒ ගාලුමුවදොර පැවති විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළ නඩුව අද (08) මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදී හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවක් සදහා සහභාගි වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටීම හේතුවෙන් විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කල බවට වාර්තා වේ.