හිටපු ජනපති මෛත්‍රී පාස්කු වගකීම භාරගතයුතුයි.

හිටපු ජනපතනී චන්ද්‍රිකා පවසයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින්  පාස්කු ප්‍රහාරයේ  වගකීම භාරගතයුතු බව හිටපු ජනපතනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් අද (8)ප්‍රකාශ කර තිබේ.

දිවංගත අග්‍රාමාත්‍ය  එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායකගේ 124 වන ජන්ම දින සැමරුමට සභාගී වෙමින් හිටපු ජනපතනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියසදී මෙම  ප්‍රකාශ කරත්බේ.

මෙම උත්සවය අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධනගේ හා  හිටපු ජනපතනී චන්ද්‍රිකා කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක යන අයගේ හා නිදහස් පක්ෂයෙ සමාජික්යන් කිහිප දෙනකුගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වින.

එමෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ හා නිදහස් පක්ෂයෙ තවත් සමාජික්යන් කිහිප දෙනකුගේ  ප්‍රධානත්වයෙන්  පක්ෂ මුලස්ථානයේදී  ද124 වන ජන්ම දින සැමරුමක් පවත්වන ලදී.  

මේ අතර කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියේ  නියම බණ්ඩාර නායක ප්‍රතිපත්ති ඇත්තේ ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියසට පැමිණි අයගේ බවයි.

Exit mobile version