හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැය 3 ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ
මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගිය දින වල ජනාධිපති මන්දිරයේ තිබී අරගල කරැවන් විසින් සොයා ගත් රැපියල් එක්කෝටි හැත්‍තෑ ලක්ෂයක මුදල සම්බන්ධවයි.
අධිකරණය නියෝගයකට අනුව C.I.D පරීක්ෂකයන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් එම ප්‍රකාශය ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.