අමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනාධිපතිවරයාට අයත් රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා එල්ලවී ඇති බව වාර්තා වෙයි.
එම චෝදනා හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හට ලබන අඟහරුවාදා දින මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මේ සම්බන්දයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මෙය ඉදිරියෙදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා තමා ඉදිරිපත්වීම නැවතීමට ගන්නා උත්සහයක් බවයි.
ඔහු තවදුරටත් සදහන් කොට ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වේ යැයි තමා කිසිසේත් නොසිතූ බවය යන්නය.