හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ ගොනුකර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලීම් කරමින් ගොනුකරන ලද රීට් ආඥා පෙත්සම අද (15) අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවා ඇත.
ඒ අනුව එළඹෙන 29 වනදා නැවත අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වන නීතිපති සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන අයට නොතීසි නිකුත් කර ඇත.
අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ අතුරුදන් වූ අයගේ ඥාතීන් පිරිසක් වන අතර අද දිනයේ දී නඩුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපාල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා ඇත.