යහපාලන රජයේ නිපුනතා සංවර්ජධන සහ වෘත්තීය පුහුණු කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍යව සිටි කරුණාරත්න පරණවිතාන මහතා අද (10) ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ පෙනී සිටින ලදී. ඒ මහතා මීට පෙර පසුගිය මස (28) දිනද මුල් වරට පෙනී සිටියේය.
ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව වන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනී සංස්ථාව ඉදිරියේ
උද්ඝෝෂණයක් කරමින් එහි සභාපතිවරයාව සිටි විමලසේන රූබසිංහ මහතා බියපත් කර රූපවාහිනීයේ කටයුතු අඩපණ කිරීමට ක්‍රියා කළ බවය.
2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනිය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයකට ඔහු සහභාගී වී තිබුනේ කරු ජය සූරිය මහතා ඇතුලු දේශපාලන නායකයන් සහ සිවිල් ක්රියාකාරිකයන් රැසක් සමගයි. එම උද්ඝෝෂණයේ අරමුණ වී තිබුනේ එම මැතිවරණයේදී මැතිවරණ නීති කඩ කරමින් ජාතික රූපවාහිනිය ගෙන ගිය පක්ෂග්රාහී ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමය. කෙසේ හෝ එම සිදු වීම සිදුවන විට කරුණාරත්න පරණවිතාන මහතා කිසිදු දේශපාලන බලයක් නොතිබූ සිවිල් පුරවැසියෙක් බවද ඒ මහතා සදහන් කරයි.
අතිශයින්ම සාමකාමී වු එම උද්ඝෝෂණය පැය භාගයක් පමණ ජාතික රූපවාහිනිය ඉදිරිපිට පැවති බවද එයින් රූපවාහිනියේ කටයුතු අඩපණ වූ බවක් එකල නම් වාර්තා වී නැති බවද සදහන් වේ. මහා මාරගයේ පැවති උද්ඝෝෂණ නිසා රූපවාහිනී සංස්ථාවේ කටයුතු අඩපණ වන්නේ කෙසේද යන්නද , එම ආයතනය එතරම් දුර්වල ආයතනයක් නොවන බවටද ඒ මහතා තම මුහුණු පොත් ගිණුමේ සටහනක් තබා තිබේ .
උද්ඝෝෂණයට සහභාගී වූ සිය ගණනක් පිරිස අතරින් ඒ මහතා පමණක් තෝරාගෙන මේ චෝදනාව ඉදිරිපත් කර තිබෙන බවද සදහන් වේ.
කෙසේ වුවද අද රැස් වූ කොමිසම සාක්ෂි විභාගයක් සිදු කර නැති අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට නැවත පැමිණෙන දිනයක් ලබා දී නැති අතර .නැවත පැමිණීමට අවශ්‍ය වුවහොත් දිනයක් ලබා දෙන බව කොමිෂම විසින් දැනුම් දී තිබේ.
කොමිසම ලබන 24 දා නැවත රැස්වීමට නියමිතව තිබේ.