හිටපු නීතිපති CIDයට?

පාස්කු ඉරිදා දින එල්ල කල ත්‍රස්තවාදී  ප්‍රහාරය පිලිබදව , හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරන ලද ප්‍රකාශයක් පිලිබදව ප්‍රශ්න කිරීම සදහා ඔහුව  CID ට කැදවීම අවශ්‍ය කටයුතු ඉදිරියේදී  සිදු කරනු ඇති  බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ, පාස්කු ඉරුදින ප්‍රහාරය “ කුමන්ත්‍රණයක් “ බව කියමින් ආන්දෝලනාත්මක  ප්‍රකාශයක් නිකුත් කිරීම පිලිබදව මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

Exit mobile version