හිටපු පොලිස් ඇමති පදින සහරාන්ගේ වාහනයේ ඇත්ත කතාව.

හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර විසින් භාවිතා කරන සහරාන්ගේ වාහනය පිළිබඳව සමාජයේ කතා බහට ලක් වුයේ දැඩි ආන්දොලනයක් ඇති කරමිනි. එය තවමත් සමාජය තුල කතාබහට ලක්වෙමින් පවතී.

සරත් වීරසේකර මහතා ඒ පිළිබදව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහුට එම වාහනය ලැබුණු අකාරය පිලිබඳව ද ප්‍රකාශ කරන ලදී.

සහරාන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු වී මේ වන විට අවුරුදු තුනක් ද ගත වී තිබේ. සරත් වීරසේකර මහතාට මෙම වාහනය ලැබුනේ කෙසේද?

රාජ්‍ය පරිපාලන නීතියට හෝ ආයතන සංග්‍රහයේ පවතින නීති රීති වලට කිසිඳු දේශපාලඥයෙකු යටත් නොමැති එම නීතිය වලංගු වන්නේ ඉහලම රාජ්‍ය නිලධාරියා වන අමාත්‍යංශ ලේඛ්ම්ගේ සිට පහලම සිටින කම්කරුවා දක්වා පමණි. දේශපාලන බලවතා නොහොත් අදාළ අමාත්‍යවරු සිදුකරනුයේ පුරවැසියන්ගේ යහපත් පැවැත්ම සඳහා ප්‍රතිපත්ති සහ සැලසුම් සැකසීම පමණි. ශ්‍රී ලංකාවේ එහි අනික් පැත්ත සිදු වුවත් දේශපාලන බලවතාට කල හැකි දේ කුමක්ද යන්න ඔවුන්ට අයත් අමාත්‍යංශයේ පනත තුල සදහන් වේ. ඉන් පරිභාහිරව කිසිම දෙයක් කිරීමට රේඛීය අමාත්‍යාංශය භාර ඇමතිවරයාට බලයක් නැත. අමාත්‍යවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු යනු කොන්ත්‍රාත්කරුවෙකු සේ ප්‍රතිපත්ති සැකසීම සදහා මහජනතාව පත් කරගන්නා තමන්ගේ නියෝජිතයා පමණි.

අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය හෝ රාජ්‍ය අමාත්‍යවරුන් සදහා අවශ්‍ය පසුකම් සැපයිය යුත්තේ රේඛීය අමාත්‍යංශ ලේඛම් විසිනි. ඒ සඳහා අවශ්‍ය  කාර්යාලිය උපකරණ මෙන්ම අනෙකුත් දේ අමාත්‍යාංශයට වෙන් කර තිබෙන මුදල් වලින් ලබා දිය හැකි වුවත් ආරක්ෂක නිලධාරීන් මෙන්ම ආරක්ෂක වාහන සැපයීම අමාත්‍යංශ ලේඛ්මට කල නොහැකි නමුත් ඒ සදහා ඔහු ඉල්ලීම කල යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි. ඒ සඳහා පොලිස්පති යටතේ තිබෙන මන්ත්‍රී ආරක්ෂක කොඨිඨාශය හරහා අවශ්‍ය කටයුතු සිදුවන අතර සහරාන්ට අයත් බව කියවෙන වාහනය භාවිතා කර තිබෙන්නේ සරත් වීරසේකර මහතාගේ පසු පස ආරක්ෂක රථය ලෙසයි. ඒ අනුව අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට වේ.

නමුත් මෙහිදී මතු වූ ගැටලුව නම් නඩු භාණ්ඩයක් වූ සහරාන්ගේ වාහනය ඔහුට ලැබුනේ කෙසේද? යන්නයි. සාමාන්‍යයෙන් අපරාධවලට සම්බන්ධ වාහන මූලික පරීක්ෂණ සිදු කිරීමෙන් පසු හිමිකරුවන් වෙත මුදා හරිනු ලබයි. ඒ සදහා අධිකරණයන් විසින් යම් යම් කොන්දේසි මෙන්ම බැඳුම්කර පනවන අතර කොන්දේසි සහිතව හෝ රහිතව වාහන හිමිකරුවන් වෙත මුදාහරිනු ලබයි. සහරාන්ගේ නඩුවේදී විශේෂ වන්නේ වාහනයේ හිමිකරුද මිය යාමයි. වාහනයේ හිමිකරු මියගියද අදාළ වාහනය භාවිතය සඳහා අයිතිවාසිකම් කීමට ඔහුගේ බිරිඳට හැකියාව තිබුනද, මෙහිදී මෙම වාහනය සෘජුවම මෙම අපරාදය සදහා යොදාගෙන තිබෙන බව මෙන්ම එම සිද්ධියේ දරුණුකම මත එය රාජසන්තක කර තිබේ නම්, එම රථය රාජ්‍ය සේවය සදහා යොදා ගනී. රාජ සන්තක කිරීම යනු වාහන කොහේ හෝ ගොඩගසා දිරාපත්ව යාමට ඉඩ සැලසීම නොවේ. මූලික පරීක්ෂණ සිදු කර රස පරීක්ෂක වාර්තා වැනි දේ සම්පූර්ණ වීමෙන් පසුව එවැනි වාහන රජය සතු වන අතර නියමිතම ලෙස රාජසන්තක කර තිබෙන බවද සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. රජය සහ රාජ්‍ය සේවය යනු දෙකක් නොව එකක් වන නමුත් රාජ්‍ය සේවකයන් මෙන්ම ජනතාවද සිතා සිටින්නේ රාජ්‍ය සේවකයා යනු රජය නොවන බවයි. මේ සියල්ලම , සියල්ලෝම විසින් පටලවාගෙන තිබෙන අතර ගෝඨාභය රාජපක්ෂ යනු රාජ්‍ය සේවයේ නොහොත් ජනතා සේවයේ ප්‍රධානියා වන අතර රාජ්‍ය සේවකයන් භාවිතා කරන්නේ විධායකය නොහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විධායක බලතලයි. එවිට “ගෝඨා ගෝ හෝම්” නම් “රාජ්‍ය සේවකයනුත් ගෝ හෝම්” වේ.

අප සියලුම දෙනා දැනගත යුතු වැදගත්ම කරුණ වන්නේ දේශපාලන අධිකාරිය පත් වන්නේ අදාළ අවුරුදු කිහිපයට පමණක් බවත් අදාළ දේශපාලකයන් වෙනුවෙන් කටයුතු සිදුවන්නේ විවිධ අයුරින් වුවත්, අමාත්‍යවරයෙකුට සියලුම පහසුකම් ලබා දීමට කටයුතු සිදුකිරීමේ වගකීම තිබෙන්නේ රේඛීය අමාත්‍යංශ ලේඛම්ට බවයි. වර්තමාන දේශපාලකයා මෙන්ම දේශපාලන වන්දනාවේ යෙදෙන සියලු පුරවැසියන් දැනගත යුත්තේ සහ ඉගෙන ගත යුත්තේ, ඔබේ වැඩ කරගැනීම සදහා පත් කර තිබෙන නිසි බලධාරියා වන්නේ රාජ්‍ය සේවකයා විනා ඔබේ දේශපාලන බලවතා  නොවන බවයි. නිසි බලධාරියා ඔබේ රාජකාරිය නිසි ලෙස ඉටු කර නොදුන්නේ නම් ඔහුට හෝ ඇයට විරුද්ධව නීතිමය කටයුතු කිරීමේ හැකියාව ඔබට තිබෙන අතර, ඔබට සිදු වූ අසාදාරණය නිවැරදි කිරීම වෙනුවෙන් ඔබේ දේශපාලන බලවතා කටයුතු කල යුත්තේ පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව වෙත පැමිණිලි කර ඔබ වෙනුවෙන් පෙනී සිටිය යුතුය . නීතිය සහ වගකීම නම් එයයි.

අවුරුදු ගණනාවක් පුරා අඳුරේ අතපත ගාන දේශපාලන අධිකාරියත් චන්ද දායක ඔබත් එකතුව සිදු කලේ යා යුතු නිසි මග නොවේ. සහරාන්ගේ වාහනය සරත් වීරසේකර පදින්නේ නම් එය එසේ කිරීමට නීතියෙන් අවසර තිබෙන්නේ අප ඉහත සඳහන් කල ක්‍රමයට අනුව වන අතර එය නිවැරදි සහ නීත්‍යානුකූල ක්‍රමය වෙයි. ඒ හැර සරත් වීරසේකර මහතා එම වාහනය තමන් පෞද්ගලිකව භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව වෙනමම සොයා බැලිය යුතු වුවත් මෙහිදී සිදුව තිබෙන්නේ අප ඉහතින් සදහන් කල ක්‍රම වේදයම බව පැහැදිලිය.

එය එසේ වුවත්, සරත් වීරසේකර මහතා පොලිස් ඇමතිව සිටියදී පොලිසිය නීති විරෝදී කටයුතු ගණනාවක් සිදු කල අතර අතේ පත්තු වන බොරුද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී. ඒවා වෙනමම ලිවිය යුතුය.   

Exit mobile version