හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණටත් කොවිඩ්.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔහුගේ තත්වය එතරම් බරපතල නොවන බවයි ඔහුගේ සමිපතම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

Exit mobile version