හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට අකරතැබ්බයක්

පරිසර අමාත්‍යංශයේ ලේකම් හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දකුණු කොරියාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ  රැස්වීමකට සහභාගීවීමට යන අවස්ථාවේ දී ගුවන් තොටුපොළේ දී හදිසි ගැටලුවකට මුහුණ දී ඇත.

එසේ ගැටලුවක් ඇතිව ඇත්තේ ඔහුගේ එන්නත් කාඩ්පත රැගෙන ඒමට අමතකවීම හේතුවෙන් වන අතර ලේකම්වරයාට ගුවන්යානයට ගොඩවීමට එහිදී අවසර ලැබී නැත.

පසුව, කාඩ්පතේ ඡායාරූපයක් සිය ජංගම දුරකථනයට ගෙන්වා ගැනිමෙන් අනතුරුව ඔහුට එම ගැටලුව විසඳා ගැනීමට හැකියාව ලැබී ඇත.

ඔහු මෙලෙස පිටව ගොස් ඇත්තේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හතරවන ආසියා පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගී වීම සඳහා වන අතර හෙට සහ අනිද්දා දෙදින තුළ මෙම රැස්වීම් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා රටවල් 47ක අමාත්‍යවරුන් සහභාගි වන බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කළේ.

Exit mobile version