හිටපු DIG පොලිසියේ රහස් එලියට දෙයි. දේශපාලන නායකයන්ගේ පරික්ශන යට ගහන හැටි කියයි .

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ප්‍රබල දේශපාලකයින්ගේ පර්යේෂණ යට ගහයි – හිටපු පොලිස් ප්‍රධානියෙකුගෙන් හෙළිදරව්වක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙරට ප්‍රබල දේශපාලඥයින් කිහිප දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ පැමිණිලි වලට අදාළ විමර්ශන සැලසුම් සහගතව යටගසා ඇතැයි හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කර තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඉහළ සාමාජිකයෙකු විසින් මේ සම්බන්ධ තොරතුරු තමන්ට හෙළිකර බවයි.

පසුගිය කාලයේ කතාබහට ලක්වූ රාජපක්ෂ පවුලට සම්බන්ධව නිරූපමා රාජපක්ෂ සහ තීරු නඩේෂන් සම්බන්ධයෙන් පැවති පර්යේෂණ වලට ද සිදුවූ දෙයක් නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙවැනි සිදුවීම් වලට එරෙහිව රටේ ජනතාවට ජාත්‍යන්තරයේ පිහිට පැතීමට සිදුව ඇති බවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් හඳුන්වා දෙන ලද දුෂණයන්ට එරෙහි සම්මුතිය අනුව කටයුතු කිරීමට මේවන විට හැකියාව පවතින බවත් ඒ සඳහා අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුව හරහා වහා සම්මත කර ගැනීම සඳහා බලපෑම් කිරීමට මහජනතාව කටයුතු කල යුතු බවත් ඔහුඉ මෙහිදී සඳහන් කර තිබෙනවා.

Exit mobile version