හරි දේට හොදයි කියන්නත් නරක දේ වැරදි කියන්නත් තරම් අප සියලුම දෙනාගේම මනස පිරිසිදු විය යුතුය.
අද උදෑසන සිට වතුර පොදක්වත් නැතිව කට්ට අව්වේ වේලෙමින් දුක් විදින මිනිසුන්ගේ පිපාසයට අයිස්ක්රීම් බෙදන්නේ වීරකැටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් මහතායි. සියයකට අධික පිරිසක් වෙනුවෙන් ඔහු මේ සත්කාරය කරන්නේ සැබෑ මානව දයාවක් මනසට නැගුනු නිසාමය.
පුරාවස්තූන් විනාශ කරන්නට අනුබල දෙන, නීතිය අවිනීතිය කරන බොහෝ නිලධාරීන් අතරේ මෙසේ සිතන නිලධාරීන් සිටින එක ගැනත් අප රටක් ලෙස සතුටු විය යුතුය.
පොලිස් යන්න සිංහලෙන් වුවත් ඉංග්රීසි භාෂාවෙන් POLICE යන අකුරුවලින් කියවෙන්නේ මානව හිතවාදී මිනිසෙකු ගැනයි.
පොලිස් නිලධාරියෙකුගේ වගකීම සහ රාජකාරිය රැදී තිබෙන්නේ P.O.L.I.C.E යන අකුරු වලිනි. නීති අණ පනත් වල කුමක් සදහන් වුවත්, මේ අකුරුවලින් කියවෙන POLITNESS (ආචාරශීලීබව), OBEDIENT (කීකරුකම),LOYALITY (පක්ෂපාතීත්වය), INTERGRITY (අඛණ්ඩතාව), COURAGE (නිර්භීතකම), EFFICIENCY (කාර්යක්ෂමතාව) (POLITNESS, OBEDIENT,LOYALTY, INTERGRITY, COURAGE, EFFICIENCY) මේ තේරුම් යටතේම පොලිස් නිලදාරීන් රාජකාරිය සිදුකරන්නේ නම් කුමකටද නීති අණ පනත්.
ප්රචණ්ඩත්වය, අපරාධ සහ වෙනත් හානිකර ක්රියාවන්ට එරෙහිව මහජනතාව ආරක්ෂා කරමින් නීතියෙන් පවරන ලද රාජකාරි සිදු කිරීම පොලිස් සේවය ඉටු කරයි. පොලිස් නිලධාරීන් නීතියට අනුකූලව ක්රියා කළ යුතු අතර, එය ඔවුන්ගේ වගකීම් මට්ටමට අනුකූල වන පරිදි ගරු කිරීම සහ අදාළ වන බව සහතික කරයි.
සියලුම පොලිස් නිලධාරීන් තම කටයුතු පාරිසුද්ධභාවයෙන්ම කරන්නේ නම්, මේ ශ්රී ලංකාව ගොඩනැගීමේ ප්රථම කටයුත්ත සිදු කරන්නේ ඔවුන්මයි. අප සැමදා වාර්තාකරණයට එහා ගිය විචාරද ලියන්න සේ, අපගේ පැතුම ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මානව වාදීන්ගේ පිරේවා යන්නයි.