හින්දු භක්තිකයන් හරසරින් සමරණ තෛපොංගල් දිනය අදයි .

අස්වනු නෙලීමේ උත්සවය හෙවත් හින්දු භක්තිකයන් ඉතා උත්කර්ෂවත්ව සමරණ තෛපොංගල්දිනය අදට යෙදී තිබේ.

දමිල ජනතාවගේ  ආගමික සමාජීය මෙන්ම සංස්කෘතික වටිනාකමකින් යුත් ඉතා වැදගත් උත්සවයක් ලෙස ඔහුන් තෛපොංගල් උත්සවය සලකයි.

තමන් විසින් ඉතා දුක් මහන්සියෙන් වැඩකොට බව භෝග  ලබාගැනීමට ස්වභාව ධර්මයේ දායකත්වයට  කෘතගුණ පළකරමින් සූර්ය දෙවියන් හට අස්වනු පුජා කිරීම මෙහිදී සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ දසත විසිර සිටින හින්දු භක්තිකයන්  අද තෛපොංගල් උත්සවය මහත් උනන්දුවෙන් සමරණ බව වාර්තාවේ.

Exit mobile version