හිනිදුම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් රාජකාරියේ යෙදී සිටියදී බීමත් රියදුරෙකු මුදා හැරීමට බලපෑම් කරන ලද සිද්දියක් අද සමාජ මාධ්‍ය වල සහ පිළිගත් මාධ්‍යවල දී සමාජ ගත විය.
එම සිද්දිය පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහුට විරුද්දව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ. ( ලිපිය බලන්න)
රාවණා සටහන.
කෙසේ වුවද මෙම සිද්දිය මෙම පොලිස් ස්තානාධිපති විසින්ම කලේද යන්න විශේෂයෙන්ම සොයා බැලිය යුතුය. එම රථයේ රියදුරු විසින් ඔහු කතා නොකළ බව පැවසුවහොත් ඒ පිලිබඳව දුරකත වාර්තා පවා කැඳවීමට සිදු වනු ඇත. එසේම මේ අවස්තාවම වීඩියෝ කිරීම පිටුපස යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුවාද විය හැකිය. එවැනි සිද්ධියක් නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු කිරිඅල්ලේදී තරුණයෙකුට පහරදීමක් බව පවසන ලද සිද්දීයේදීද දුටුවෙමු. එහිදීද ට්‍රක් රථ රියදුරෙකු එය වීඩියෝ කල බව පැවසේ. කෙසේ වුවද රත්නපුර ප්‍රදේශයේ සිදුවන දැවැන්ත පරිසර හානිවලට විරුද්දව නීතිය තදින්ම ක්‍රියාත්මක කල රන්මල් කොඩිතුවක්කු මහතාගේ සිද්දියට සම්බන්ද පුද්ගලයන්ද ට්‍රක් රථවලින් විවිධ දේ ප්‍රවාහනය කරන බව ද කිය වේ. එසේම රත්නපුරයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් තමන්ගේ නිවස මාළිඟාවක් සේ සකසන බවද ඔහු එසේ සකසන්නේ විවිධ අපරාධකරුවන්ගෙන් මුදල් ලබාගෙන බවද කිය වේ. කෙසේ වුවද ඒවා නිකන්ම නිකන් කට කතා වුවද, එවැනි නිවසක් ගොඩ නැගීමේදී මුදල් ලැබුනේ කොහෙන්ද යන්න ගැටළුවක් ඇති වීම වැලැක්විය නොහැකිය. පොලිසිය ඇතුලෙම ක්‍රියාත්මක වන කුමන්ත්‍රනද එමටය.
හිනිදුම පොලිස් ලොක්කා සම්බන්ද යයි කියන මේ සිද්ධියද කුමන්ත්‍රණයක් විය හැකිය. එසේ නොමැතිනම් එම වාහනයෙන් යම් අපරාදයක් සිදුකරන ලද්දක්ද විය හැකිය. කෙසේ වුවද එම පරීක්ෂණය විදිමත්ව කල යුතුව තිබේ. එම සිද්ධිය ඔප්පු කිරීමෙන් තොරව යමක් සිදු කිරීම සුදුසු නොවේ. එම රථයේ රියදුරුගේ දුරකතනයෙන්ම ගත් දුරකථන ඇමතුම ස්ථානාධිපතිගේ දුරකථනය අංක සමග ගැලපීමෙන් කතා කලාද නැද්ද යන්න සොයා බැලිය හැකිය. එහෙත් කතා කලේ මොනවාද යන්න ඔප්පු කරගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත. අභ්‍යන්තර පරීක්ෂණ වුවද සිදු කල යුත්තේ සාක්ෂි නීතියට අනුවය. පරිවේෂණ සාක්ෂි මතම බොහෝ දේවල් පිලිබදව තීරණ ගන්නා බව දක්නට තිබෙන නමුත් එය සමහර ස්ථාන වලදී නිවැරදි නොවේ.
කෙසේ වුවත් එහි රාජකාරි කරමින් සිටි නිලදාරීන් වරදක් කරන බවද පෙනේ. යමෙකුගේ බලපෑමක් මත රාජකාරිය පැහැර හැරීමට හැකියාවක් නැත. එම නිලධාරීන් මේ සිද්දිය පිලිබදව අද උදෑසනම ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කලේද යන්නද සොයා බැලිය යුතුය. එසේ කර නැතිනම් ඔවුන්ටද රාජකාරිය පැහැර හැරීම යටතේ කටයුතු කල යුතුය.
තමන් අදුරන දේශපාලකයන් පසු පස ගොස්, ආණ්ඩු මාරුවෙන් මාරුවට ස්ථානාධිපතිවරුන්ද තනතුරු ලබා ගනී. දේශපාලනය පසු පස්සේ ගොස් තනතුරු සහ උස්සස්වීම් ලබා ගන්නා ක්‍රමය පවතින තාක් පොලිසියට සිදුවන දැඩි නින්දා අපහාස පවතිනු ඇත. මේ ආණ්ඩුව පත් වීමත් සමගම පොලිස් ස්ථානාධිපතිවරුන්ද මාරු විය. විවිද අපරාධකරන ලද, ඔප්පු වූ, වැරදිකරුවන් බවට පත් වූ පොලිස් නිලදාරීන්ද පොලිස් සේවයේ වරින් වර සේවය කරති. කලකදී කුඹුරු කොටා නැවත සේවයට එන ඔවුන්, නැවත වැරදි කල පසු ගෙදර ඇවිත් ආයෙත් කුඹුරු කොටති. ආයෙත් සේවයට යති . එවන් පොලිසියක , දක්ෂ නිලදාරීන් මුළු ගැන්වී සිටිති. වැඩ බැරි නිලදාරීන් යනු පෞරුෂත්වයක් නැති පුද්ගලයන්ය. දේශපාලන අධිකාරිය පසු පස ගොස් උසස්වීම් සහ තනතුරු ඉල්ලා වැද වැටෙන්නේ ඔවුන්ය. ඔවුන්ගෙන් කිසි දා පොලිස් දෙපාර්තමේන්තුවට කීර්තියක් නම් නොලැබෙනු ඇත.
අදාල වෙනත් ලිපි