හිරු එළිය දෙද්දී CID  ශානි චමුදිත එක්ක හැප්පෙයි. රන්ජන්ට විරුද්ධව දැමු පැමිණිල්ලකුත් විභාග කරලා නෑ.

රන්ජන් රාමනායක මහතා ජන හද දිනාගෙන තිබෙන්නේ නළුවෙක් නිසාය.ඒ හැර ඔහුට රාජ්‍ය පාලනය හෝ අනෙකුත් කාරණා පිලිබදව දැනුමක් නොමැති නමුත් පියුමි හංසමාලි වැනි අය සමග කාන්තාවන් හා සම්බන්ධව විවිධ අශෝභන හඩ පට ජනගත කරමින් සමාජය දැඩි පරිහානියකට ලක් කළේය. ඒත් සමගම අධිකරණයට සහ නීතිවේදීන්ට අපහාස කිරීම හේතුවෙන් සිරගත වීමට සිදුවිය. නමුත් ඔහු පැවසූ කාරණා අධිකරණය තුලදී ඔප්පු කර පෙන්වුයේ නම් සමහර විට ඔහුට සිර දඩුවම් නොලැබීමටද ඉඩ තිබුණි. ඔහුගේ එම ක්‍රියාවලිය සමග රාජ්‍ය නිලධාරින්ගේද විවිධ හඩපට එලියට පැමිණි අතර ඉහලින්ම සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකරය.

ශානි අබේසේකරද සමහර කරුණු දේශපාලන උවමනාවන් වලට අනුව සිදුකරන බවට කරුණු අනාවරණය වන්නේ රන්ජන්ගේ හඩපටයකිනි. ඊට අමතරව ඔහු ඕනි ඕනි ආකාරයට පුද්ගලයන්ට නඩු දැමු බව පැවසුවේ රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. යහපාලන රජය සම්පූර්ණයෙන්ම විනාශවීමට ප්‍රධාන හේතුවක් වුයේ රංජන්ගේ හඩ පටවල තිබු අධිකරණ විනිසුරුවරුන් සමග කල සාකච්චා සහ ශානිගෙ සබඳතා ජනගත වීමය.

යහපාලන රජය පැවති සමයේම රංජන් රාමනායකට විරුද්දව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භටයෙකු පැමිණිල්ලක් ඉදිරිපත්කලේ ශානි අබේසේකර වෙතය.ඔහු එම පැමිණිල්ල ඉදිරිපත්කලේ සක්‍රීය සේවයේ යෙදී සිටියදීමය. ඒ විශ්‍රාම ගොස් සිටි ගුවන් හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඔහු මුහුණු පොතේ සිදුකල සාකච්ඡාවකින් ජාතික ආරක්ෂාවට සිදු වූ තර්ජනයක් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රාජපාක්ෂිකභාවයෙන් මුදවාලීමට තුඩු දෙන ලෙස සිදුකල සාකච්ඡාවක් පිළිබඳවය. ශානි අබේසේකර විසින් එම පැමිණිල්ලද විභාගයට ගෙන නොතිබූ අතර එම විමර්ශනය සිදු කලේ නම් වර්තමාන ගුවන් හමුධාධිපති වන සුදර්ශන පතිරණ මහතාට එරෙහිවද චෝදනාවක් ඉදිරිපත් වීමට ඉඩ තිබුණි. නමුත් එම පැමිණිල්ල විභාග නොවීමේ හේතුව වුයේ රන්ජන් සහ ශානි අතර තිබු මනා සබඳතාවය බව අනාවරණය වන්නේ රන්ජන්ගේ හඬ පට එලියට ඒමත් සමගමය.

රන්ජන්ට විරුද්ධව ශානි අබේසේකර වෙත ඉදිරිපත් කරන ලද තවමත් විභාග නොවූ පැමිණිල්ල.

මේ වනවිට එම සියල්ලම යටපත් වෙමින් ශානිගෙ කතාව අලුතින් ආරම්භව තිබේ. කෙසේ වුවත් ඔහු දක්ෂ රහස් පරීක්ෂකයෙක් බව කියවේ. නමුත් දේශපාලන වුමනාවන් ඉටුකිරීමට ගොස් ඔහුටද අත් වියයුතු ඉරණම අත් විය.නමුත් මේවන විට ඔහු තව තවත් පැටලෙමින් සිටී. හිරු උදෑසන පත්තරේ විස්තරය තුලින් ඔහුට අපහාසයක් වූ බවට සදහන් කරමින් චමුදිත සමරවික්‍රම මහතාගෙන් සහ හිරු රූපවාහිනී නාලිකාවට එරෙහිව අලාභ ඉල්ලා නඩුවක් පවරා තිබේ. වටිනාකම මිලියන 500කි. ඔහු අපරාධ නීතිය දැනගෙන සිටියත් සිවිල් නීතිය නොදන්නා බවද පැහැදිලිය. පහත වීඩියෝවේ සදහන් සංවාදය තුලින් ඔහු හිරු රූපවාහිනියේ හිමිකරුගේ නමද ප්‍රකාශ කාරයි. නඩුවේ ප්‍රති උත්තරය තුලින් ශානිගෙ පැරණි කතා සියල්ලම ඉදිරිපත් කල හැකි අතර ඔහුට විරුද්දව ඉදිරිපත් කළහැකි සාක්ෂි ගණනාවක්ම සමාජගතව අවසන්ය.එම සියල්ලම ශානිගෙ අවාසියට හේතුවිය හැකිය. ශානි තමන්ගේ නිර්දෝෂීභාවය පෙන්වීම සදහා කැපවීමට වඩා දැන් කලයුත්තේ නිහඩ ජීවිතයක් ගත කිරීමය.අපට පෙනෙන්නේ ඔහු තව තවත් නඩුවලට පැටලෙමින් ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සූදානම් වන බවයි.

ශානි අබේසේකර විසින් හිරු රූපවාහිනී නාලිකාව සහ චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව පවරා තිබෙන සිවිල් නඩුව අද (18) කොළඹ දිසා අධිකරණ අංක එකෙහිදී කැඳවීමට නියමිතය. 

ගෝඨාභය රාජපක්ෂගේ චෝදනාව රන්ජන් සහ ශානිගේ සාකච්ඡාව.
Exit mobile version