හිරු දෙවියන් වදින්න, හිංදු බැතිමතුන් සුදානම්.

හිංදු භක්තියන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන නව වසරේ හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය නිමිති කරගෙන හැටන් ආශ්‍රිත වතුකරයේ විවිධ සංස්කෘතික උත්සව හා පුද පුජා පැවැත්විමට වතුකරයේ ජනතාව මේ වන විට සුදානම් වෙමින් සිටිති.


හිංදු භක්තිකයන්ගේ නව වසරේ හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 15වන දිනට යෙදි ඇති අතර මෙදින හැටන් ආශ්‍රිත නගරවල මෙන්ම වතුවල පවතින හිංදු කෝවිල්වලද වීශේෂ ආගමික වතාවත්ද පැවැත්විමට පියවර ගෙන ඇත.


මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතුකරයේ බොහෝ පිරිසක් පවසනුයේ මෙවර තෛයි පොංගල් උත්සවය උත්සවාකාරයෙන් පැවැත්විමට පියවර ගන්නා බවත්ය.


ඒ අනුව වතුකරයේ හිංදු කෝවිල්වල 15වන දින උදැසන සිට වීශේෂ පුද පුජා පැවැත්විමටත් කෝලම් රථා දමමින් විවිධ හිංදු සංස්කෘතික අංග වතුකරය තුල පැවැත්විමටත් පියවර ගන්නා බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

Exit mobile version