‘හිසට සෙවණක්’ ව්‍යාපෘතිය යටතේ දිළිඳු පවුලකට නි‍වසක්.


කතෝලික සභාවේ නිර්මල මරිය නිකායේ පියතුමන්ලාගේ ‘හිසට සෙවණක්’ ව්‍යාපෘතිය යටතේ ඉදි කළ තවත් නි‍වසක් දිළිඳු පවුලක් වෙත ප්‍රදානය කිරීම පෙරේදා (30) සිදු කෙරිණ.
එම නිවස හිමි වූයේ බේරුවල, හේන ප්‍රදේශයේ පදිංචි ධීවර රැකියාවේ නියුතු දිලීප සඳමාල්, ඔහුගේ බිරිය හා දරු දෙදෙනාටය.


මෙම නි‍වස ඉදි කිරීම සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දී තිබුණේ දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් වන රම්සේ ගෝමස් සහ චමරී ගෝමස් යුවළ විසිනි.
නි‍ෙවස ප්‍රදානය කිරීම සඳහා එම යුවළ හා දරු දෙදෙනාද පැමිණ සිටීම විශේෂත්වයක් වන අතර සුබ පැතීම සඳහා සර්ව ආගමික නායකයෝ ද පැමිණ සිටියහ.


නි‍වස හිමිවූ යුවළ, මූල්‍ය දායකත්වය දැක්වූ ගෝමස් පවුල, අමරපුර සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහ ලේකම් පූජ්‍ය වලතර සුභූති හිමියන්, Òහිසට සෙවණක් ව්‍යාපෘතියේ ප්‍රධානී මරදාන පාතිමා දෙව්මැඳුරේ ගරු ඩිලාන් පෙරේරා පියතුමා, බේරුවල මීසම් සේවක ගරු ජානක කොස්තා පියතුමා, හේන මුස්ලිම් දේවස්ථානයේ මොහොමඩ් හාරිස් මවුලවිතුමා සහ මෙම ව්‍යාපෘතියේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක කේ.පී. ඇන්ටනි සිල්වා මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙසේය. අලුතෙන් ඉදි කළ නිවස පසුබිමෙන් දැක්වේ.

සටහන හා ඡායාරූප කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි (දිනමිණ)

Exit mobile version