හීලෑ ඇතුන්ගේ සුබසාධනය උදෙසා ගත් තීරණ

පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පවසන පරිදි අද (22) දින, වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ..

මෙම නියෝගය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පෙර පසුගිය 21වන දා වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව රැස්ව මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එහිදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එකඟතාවය පළ වී ඇත.

එම ගැසට් නිවේදනය මගින් අපේක්ෂා කරනු ලබන්නේ හීලෑ ඇතුන්ගේ සුභසාධන කටයුතු සඳහා නව නියෝග මාලාවක් හඳුන්වා දීම, හීලෑ ඇතුන් ලියාපදිංචි කිරීමේ දී ඇතිවන අක්‍රමිකතා මඟ හැරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම,හීලෑ ඇතුන් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු පහසු කිරීම යනාදිය වන බව වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසන්නේ..

මේ සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය ද 2021 අගෝස්තු 19 දින නිකුත් කොට තිබූ බවයි වාර්තා වන්නේ.

Exit mobile version