හුතීන් ආයෙත් ඇමෙරිකාවට ගහද්දී, ඉරාණය පකිස්තානයට මිසයිල ගහයි.

හූති කැරළිකරුවන් එල්ල කරන ලද ඩ්‍රෝන යානයක් නෞකාවේ ගැටුණු නමුත් නෞකාවට බරපතළ හානියක් සිදුව නොමැති බව ඇමරිකානු හමුදා ප්‍රකාශ කර තිබේ

රතු මුහුදේ නෞකාවලට හූති කැරළිකරුවන් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ද අනෙකුත් හේතුන් මතද, එම සංවිධානය ගෝලීය ත්‍රස්ත කණ්ඩායමක් ලෙසද නම් කර තිබේ.

හූති කැරළිකරුවන් රතු මුහුද හරහා ගමන් ගන්නා නෞකාවලට පරදීම ආරම්භ කළේ, හමාස් සංවිධානයට සහාය පල කරන ඔවුන්, ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය වහාම ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවයි.

ඒ අතරේ ඉරානයෙන් පාකිස්තානයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, ඉරානයත් පාකිස්තානයත් අතරේ හිතවත්කම් පළුදු වී ඇතැයි ද  විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තාන හමුදාව,  ඉරානයේ බෙදුම්වාදීන්ගේ කඳවුරු කිහිපයකට පහර දුන්නේය. එසේ පහර දීමට පෙර, ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන්, පාකිස්තාන රජය, එරට ඉරාන තානාපති කැඳවා ප්‍රශ්න කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් පහර දුන්නේ, පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෙදුම්වාදී ‘ජයිෂ් අල් අඞ්ල්’ නමැති ජිහාද් සටන්කාමීන්ගේ කඳවුරු දෙකකටය.

බලුකිස්තානයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන රජය, ඉරානයට දොස් පවරමින් පවසා ඇත්තේ, ඉරානයට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බවයි. ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය සහ පාකිස්තානය අසල්වැසි රටවල්ය.

Exit mobile version