හුතී සටනට නැවියන් යද්දී, නාවික හමුදා ලොක්කන්ගේ දුෂණ එළියට

රටක ආරක්ෂාවේ හදවත වන්නේ, ආරක්ෂක හමුදාවන් සහ පොලිසියයි. එම ආයතනවල සේවකයන් තම සේවය නිසි ලෙස ලබා නොදෙන්නේ නම්, ඉන් රටේ ජනතාවගේ පැවැත්මට දැඩි ලෙස හානි සිදු වේ. එසේ ජනතාවට මෙන්ම රටට ද හානියක් නොවී එම ආයතන පවත්වාගෙන යාමට නම්, ඒවායේ සේවය කරනා පුද්ගලයන්ට සේවය කිරීම සදහා ආයතන තුල හොද පරිපාලනයක් තිබිය යුතුය. එසේම ආයතනයේ ඉහල නිලධාරීන් සියල්ලෝම නීතිගරුක විය යුතුය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, ගුවන් හමුදාවේ මෙන්ම නාවික හමුදාවේද දුෂිත පරිපාලන කටයුතු කිහිපයක් අපට වාර්තා වී තිබේ.

ඕනෑම ආයතනයක සේවකයෙකුට හිමිකම් තිබේ. ඒවා නීතිමය උරුමයන් වේ. නීතිමය උරුමයන් අහිමිවන විට ඒවා නිවැරදි කරගැනීමට අධිකරණයන්ට යාමට තරම් වත්කමක් හමුදා හෝ පොලිස් නිලධාරීන්ට නැත. එසේ තමන්ට හිමි දේ ලබා නොදී ඒ වෙනුවට එම දේවල් වෙනත් අයට ලබා දෙන්නේ නම් ඉන් ආයතනයේ පරිපාලණයට දැඩි හානියක් ඇති වේ.

තමන්ට හිමි උසස්වීම් ලබා නොදීම නිසා නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ද නඩු පවර තිබේ. අප ඒ පිළිබදව දීර්ඝ විස්තර ලබාගෙන තිබේ. එහිදී අපට අනාවරණය වන්නේ එසේ උසස්වීම් ලබා දි නැත්තේ, නියත වශයෙන්ම හිමි විය යුතු නාවික හමුදා නිලධාරීන්ට බවයි.

ඒ අනුව එම නිලධාරින්ගේ නඩු සහ , අධිකරණය ඉදිරියට නොගිය සිද්ධි පිළිබඳව එකින් එක ගෙන ඉදිරිපත් කිරීමට අප ඉදිරිකටයුතු කරමින් සිටි.

එසේම අනෙකුත් හමුදාවන් දෙකේම ඒ අකාරයෙන්ම ජේෂ්ඨයන් කපා දමා තමන්ට හිතවත් කනිෂ්ඨයන් ඉහලට ගත හැකි ලෙස විවිධ නීතිවිරෝදී කටයුතු සම්පාදණය කරගෙන තිබේ. එම ක්‍රමයන් නිසා පාර්ලිමේන්තුව මගින් පනවා තිබෙන ජේෂ්ඨතා ක්‍රමයට ඔවුන් පයින් ගසා තිබේ.

ඒවා එසේ කිරීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවත්, “රටට හෙන ගැහුවත් කමක් නෑ අපේ එවුන් උඩට ගත්තම ඇති” කියා සිතා කටයුතු කරනා ආත්මාර්ථකාමී දුෂිත හමුදා නායකයන්ට දැනෙන්නේ නැත.

රට රකිමු. ප්‍රථමව නීතියට අනුව ජීවත් වෙමු. නීතිය නොදත් විට, කොයි මොහොතක හෝ එහි දඩුවම් ලැබීමට සිදු වේ.

ජේෂ්ඨත්වය පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට ආ රාජ්‍ය සේවය වැනසූ දූෂිත ක්‍රමය. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියටත් පොදුය.

Exit mobile version