දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒඩ්න් බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ දී බාබඩෝස් ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහිදී නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
ගාසා තීරයේ පවතින ඊශ්‍රායලය සහ හමාස් යුද ගැටුම්වල දී පලස්තීනුවන්ට සහය පළකිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට හූති කැරලිකරුවන් පෙන්වාදෙයි.
කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් එහි කාර්යය මණ්ඩල සාමාජිකයින් මියගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.