හෙට (20) දිනය පුරා දිවයිනේ පළාත් රැසක ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල සහ මන්නාරම, වවුනියාව, මුලතිව්, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අදාළව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සදහන් .