සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) යන දෙදින රට පුරා සුරාසැල් වසා තැබීමට තීරණය කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම නීතිවිරෝධී මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් ද මේ වන විට ක්‍රියාත්මක වන බවත් , එය ලබන 31 වැනිදා දක්වා දීපව්‍යාප්තව සිදු කිරීමට කටයුතු කරන බවත් , 1913 යන විශේෂ දුරකථන අංකය ඔස්සේ සුරාබදු වැරදි සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළ බව වාර්තා වේ.