හෙට අරගලයට යන දේශපාලඥයන්ටත් අවවාද කල පොලිස්පතිම ඇදිරි නීතියත් දායි.

අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් සාමකාමී බව බිඳ වැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රාජ්‍ය සහ පුද්ගලික දේපළවලට හානි කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවලින් වැළකී සිටින ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඊයෙය. ඒ හෙට පවතින ජන අරගලය ඉලක්ක කරගනිමිනි.

එහිදී ඔහු සඳහන් කළේ, මූලික අයිතිවාසිකම් භුක්ති විඳන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙස වන අතර එම අවස්ථාවේදී නීත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පෞද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ඉල්ලා සිටියේය. නමුත් මේ වන විට නැවත දැනුම් දෙන තෙක් ඇදිරිනීතිය පනවා තිබේ.

Exit mobile version