හෙට ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ ප්‍රකාශයක්

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඥ්ඥාසේකර හිමියන් සඳහන් කරන්නේ හෙට (18) දිනයේ දී ලබන 21 වනදා පාසල් විවෘත කරන්නේද නැද්ද යන්න පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පාසල් විවෘත කරන්නේද නැද්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් කරන බවට සඳහන් කර ඇත.

එමෙන් ම අද (17) දිනයේ කොළඹ දී මාධය හමුවක් කැඳවමින් උන්වහන්සේ සඳහන් කළේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට ගුරු-විදුහල්පති වර්ජනය අත්හැර දැමීමට ඇතැම් පාර්ශවයන් විසින් බලපෑම් කරන බවයි.

Exit mobile version