හෙට මුළු දිවයිනටම පැය 10ක විදුලි කප්පාදුවක්!

හෙට දිනයේදී සමස්තයක් වශයෙන් ගත් කළ දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහා පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරිමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

ඒ විදුලි ජනනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර සඳහා නොලැබීම හේතුවෙන් බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනී සඳහන් කලේ. ඒ අනුව මෙතෙක් ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුව හෙට සිදු වේ.

මහජන උපයෝගී කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද කාලසටහන පහතින් දැක්වේ.

Exit mobile version