හෙට සිට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ඇති බවට සමාජ මාධ්‍යජාල වාර්තා කර තිබේ. කෙසේ වුවත් අප මේ පිළිබදව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා විමසා සිටියද, මේ පුවත තහවුරු කර ගැනීමට නොහැකි විය.
ඒ අතර මේ වනවිට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෑස් සහ තෙල් ලබා ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී සමග සකච්චා කර තිබෙන බවද වාර්තා වෙයි. නමුත් එහිදී සකච්චා කලේ මොනවාද යන තොරතුරුද තහවුරු කර ගැනීමට අපොහොසත් විය.
(මේ පුවත් දෙකම සත්‍යාපනය කර නැත.)
රාවණා සටහන
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වන්නේද නැද්ද යන්න අද රාත්රියේදී හෝ හෙට බලාගත හැකිය. නමුත් ඉන්දියාව සමඟ සාකච්චා කලේ මොනවාද? යන්න තහවුරු කරගත යුතුව තිබේ. ඉන්දියාව බොහෝ විට තෙල් සහ ගෑස් ලබා දෙනු ඇත. නමුත් ඒ වෙනුවෙන් බොහෝ දේ ලබා දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
ඒ අතර උතුර සංවර්ධනය, ඔවුන්ගේ ජනජීවිතය නගා සිටුවීමද තිබිය හැකිය. නමුත් ඔවුන්ද ශ්‍රී ලාංකිකයන් නිසා එය ගැටළුවක් නොවේ. එය කල යුතුමය.
නමුත් ගැටලුව වන්නේ, ලංකාවේ යම් දූපතක් හෝ යම් කොටසක්, හනුමන් පාලම ආදිය හෝ ලබා දීමට යම් කොන්දේසි ඉදිරිපත් කර තිබුනහොත් එම කොන්දේසි වලට එකගතාවය පළකර තිබුණහොත්, එය අනාගත යුද්ධයකට වුවද මග පාදනු ඇත.
කෙසේ හෝ ශ්‍රී ලංකාව paවා නොදී, තිබෙන ඉතිරි ටිකත් නොවිකුණා මේ අර්බුධයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීම වැදගත් වනු ඇති අතර රටේ සම්පත් විකිනීමෙන් අනාගත පරපුරට වෙනත් රටවල් සමග යුද්ධ කිරීමට පවා සිදුවනු ඇත. එවිට වර්තමාන පරපුරේ ජීවත් වන අප සියලුදෙනාටම ඔවුන් සාප කරනු ඇත.
2022 03 165