පාසල් ආරම්භ කිරීම අදියර 04ක් යටතේ සිදු කිරීමට නියමිත අතර ප්‍රථම අදියර වශයෙන් දිවයින පුරා ළමුන් 200ට අඩු පාසල් 3800ක් හෙට (20) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව පළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ විවෘත කිරීමට නියමිතව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ දෙවන අදියරේ දී ළමුන් 200ට වැඩි පාසල්වල 1 – 5 දක්වා ෙශ්‍ර්ණි සහ ළමුන් 100ට අඩු පාසල්වල සමස්ත සිසුන් සංඛ්‍යාව ද තෙවන අදියරේ දී 10,11,12, සහ 13 යන ශ්‍රේණි විවෘත කෙරෙන අතර අවසන් අදියරේ දී සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වීම සිදුවන බවයි.
කෙසේ වුවත් පළමු අදියරේ දක්නට ලැබෙන ප්‍රගතිය මත ඉතිරි අදියර ක්‍රියාත්මක වේද නොවේද යන්න තීරණය වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.